hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 03, ප.ව. 5:29



තැපැල් මූලස්ථානයේ රියදුරන් 81 දෙනෙකුට මාස අටක කාලයකදී එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි අතිකාල දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙනවා.

2022 දෙසැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා කාලයේදී මෙම දීමනා ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

එම කිසිදු අතිකාල වවුචරයක රියදුරු ධාවනය කළ වාහනවල අංක සටහන් කර නොතිබූ බවත් මේ අනුව එම ගෙවීම් පිළිබඳ නිවැරදිභාවය විගණනයට පරීක්ෂා කළ නොහැකි වූ බවත් වාර්තාව සඳහන්.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයට අයත් නොවන අභ්‍යන්තර විගණන අංශයේ සේවකයන් සඳහා පසුගිය වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා ලක්ෂ දොළහක පමණ දීමනා ගෙවා තිබූ අතර මෙම දීමනා ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වෙනවා.

මේ තොරතුරු සඳහන් වන්නේ  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: