2024 ජූලි 05, පෙ.ව. 12:02
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින් සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත.
වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම් වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සහ සාමාජිකයන්ට ගුණාත්මක හා කාර්යක්ෂම සේවයක් ලබා දීම සඳහා වර්තමානයට ගැලපෙන අයුරින් එකී පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කරනු ලැබුවා.
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 5:04
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:40
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:28
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 10:42
2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:43
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
29-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25