2024 ජූලි 09, පෙ.ව. 12:04
පෙර පාසල් වයසේ සහ පාසල් යන කුඩා දරුවන් අතර පසුගිය කාලයේ පැතිර ගිය වෛරස උණ මෙන් පැතිර යන තවත් රෝගයක් හඳුනාගෙන ඇති අතර එම රෝගය අත් පා මුඛ රෝගය ලෙස හඳුන්වයි.
මෙම රෝගය දරුවාගේ අත් පා සහ මුඛය ඇතුළේ කුඩා බිබිළි හටගන්නා අතර eoxsackie Virus නමින් හඳුන්වන වෛරසය මගින් සෑදෙන රෝගයක් බවත් මෙම රෝගය බරපතළ රෝගයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය අසංක රාජපක්ෂ සදහන් කරයි.
එහෙත් කුඩා දරුවෝ මෙම රෝගයට ගොදුරු වීමෙන් මහත් අපහසුතා වලට ලක්වන බවත් රෝගය ඉතා ඉක්මනින් කුඩා දරුවන් අතර පැතිර යන රෝගයක් බැවින් මවුපියන් මෙම රෝගය ගැන දැනුවත් වීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.
රෝගය ආරම්භයේදී බොහෝ දරුවන්ට උණ ගතිය ඇති වන අතර මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් දිනයක් හෝ උපරිම දින දෙකක් තුළ සමනය වී යන බවත් ඒ සමඟම ශරීරයේ විවිධ තැන්වල බිබිළි හටගන්නා බවද සදහන් කරයි.
කුඩා බිබිළි ලෙස ඇති වී ඉක්මනින් වතුර බිබිළි වල ස්වභාවයක් ගන්නා බවත් එය බොහෝවිට කසන බවත් එම බිබිළි අත්වල සහ පාදවල දක්නට ලැබෙන බවත් අල්ලේ සහ යටිපතුලේද රතු පැහැ බිබිළි මතුවිය හැකි බවද සදහන් කරයි.
සාමාන්‍යයෙන් රෝගය බෝ වන්නේ වතුර බිබිළි ස්පර්ශ කිරීමෙන් බවත් දරුවා කහින විට හෝ කිවිසුම් යවන විට පිටවන කුඩා ශ්වසන බිඳිති මගින්ද රෝගය බෝවිය හැකි බැවින් පෙර පාසල් සහ පාසල් යන වයසේ කුඩා දරුවන් අතර ඉතා පහසුවෙන් මෙම රෝගය පැතිරී යා හැකි බවද සදහන් කරයි.
මෙය ඉතා පහසුවෙන් දරුවන් අතර පැතිර යන රෝගයක් නිසා, රෝගය වැලඳුණු දරුවෙකු පෙර පාසලේ හෝ පාසලේ සිටී නම් දරුවා පාසල් නොයවා තබාගත යුතු බවත් දරුවා ස්පර්ශ කළ පසු සබන් හෝ පිරිසුදු කාරක යොදා හොඳින් අත් සෝදා ගැනීමද අත්‍යවශ්‍ය බවද දෙමාපියන්ට දැනුම්දීමක් කරයි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24