hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2024 ජූලි 10, ප.ව. 5:35



තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පිණියක වන පියුමි හංසමාලි විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇත.

තමන්ට එරෙහිව විමර්ශනය සිදු කරන ආකාරය යුක්ති සහගත නොවන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් පෙත්සමේ සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: