2024 ජූලි 12, පෙ.ව. 8:57
අ.පො.ස. උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජුනි 19) අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණු අතර, අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස අද සිට දීප ව්‍යාප්තව සිදු කරන බවයි පැවසෙන්නේ.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය අද (12) සහ ජූලි 15 වනදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වන දිනද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදි ද, ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජූලි 15 දිනද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දිනද, කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර, දිස්ත්‍රික්කවල ජුලි 17 වන දිනද, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජුලි 18 වන දින ද, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 දිනද, පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 දින ද ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කිරීමට නියමිතයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමටයි කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර ඇත.
අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා මසකට රු.6000/- බැගින් මාස 24ක් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය සිදු වන අතර කලාප කාර්යාල 100ක් අතුරින්, එක් කලාපයකින් සිසුන් 60 බැගින් ශිෂ්‍යත්වලාභීන් 6000ක් දැනටමත් තෝරාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
එමෙන්ම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී එම සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු කෙරෙන අතර හිඟ වාරික මුදල් ද සමඟින් රු 30,000/- ක ශිෂ්‍යත්ව ප්‍රදානයක් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවයේදී පිරිනැමීමටත්, ඊළඟ මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින තෙක් මසකට රු.6000/- බැගින් ශිෂ්‍යත්ව ලබාදීමටත් කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
කෙසේ වුවද පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දිවයිනේ පාසල් 10,126 ම ආවරණය වන පරිදි තෝරාගන්නා ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මසකට රු.3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව තවමත් ඇතැම් පාසල් මඟින් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වේ.
එසේ අයදුම්පත් ඉදිරිපත් නොකළ පාසල්වල විදුහල්පතිවරුන්හට අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙන අතර ශිෂ්‍යත්ව සඳහා අයදුම් නොකරන ලද පාසල් පිළිබද ලැයිස්තුවක් සියළුම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබා දී ඇත.
ඒ අනුව ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් සහ දූ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, යම් පාසලකින් ශිෂ්‍යත්ව සඳහා අයදුම්කර නොමැති නම් ඒ පිළිබඳව සොයා බලා අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.
දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනු ලබයි.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයන් පිළිබඳව වැඩිදුර තෙරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර, එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකි බවයි දන්වා ඇත්තේ.
2024 දෙසැම්බර් 30, ප.ව. 3:24
2024 දෙසැම්බර් 30, ප.ව. 12:55
2024 දෙසැම්බර් 30, ප.ව. 12:26
2024 දෙසැම්බර් 30, පෙ.ව. 10:21
2024 දෙසැම්බර් 30, පෙ.ව. 10:15
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24