2024 ජූලි 15, ප.ව. 3:19
මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය 22.5%ක් බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපතිවරයා සඳහන් කර සිටියේ, ගෘහස්ත විදුලි ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩුකර ඇති බවය.
ඒ අනුව ගෘහස්ත විදුලි ඒකක 30 – 60ත් අතර අගය රුපියල් 20 සිට රුපියල් 9 දක්වා අඩුකර තිබේ. එය 55% අඩුවීමක්.
ඒකක 30ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත් අගය මීට පෙර පැවති රුපියල් 390 සිට රුපියල් 280ක් දක්වා පහත දමා ඇති බව ද මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේය.
ඒකක 60ක් භාවිත කරන පාරිභෝගිකයෙකුගේ මාසික විදුලි බිල්පත ඒ අනුව රුපියල් 1,140 සිට 700ක් දක්වා අඩුවී තිබේ.
ආගමික ස්ථානවල ද මීට සමගාමීව විදුලි බිල අඩුවෙන අතර ඒකක 90 දක්වා එක් ඒකකයක මිල රුපියල් 6ක් වේ.

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26