2024 ජූලි 23, පෙ.ව. 12:01
මෙරට ඇතැම් විහාරස්ථානවලට නිසි පරිදි දානය නොලැබෙන බවට ෆේස්බුක්හි පළවන බොහෝ තොරතුරු නිවැරදි නොවන බව, ඒ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසයි.
දානය නොලැබෙන විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු සෙවීම ආරම්භ කරන ලද්දේ, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම පසුගිය කාලයේ ෆේස්බුක් හි පළවූ තොරතුරු පදනම් කරගෙන වුවද, ඒ පිළිබඳව කරුණු සොයාගෙන යාමේදී ඒවා බොහොමයක් වැරදි තොරතුරු බව අනාවරණය වී ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බුවනෙක හේරත් සඳහන් කරයි.
දිවයින පුරා පවතින, අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන විහාරස්ථාන පිළිබඳව තොරතුරු රැස් කරමින් පවතින බව, මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. පී. රත්නායක පැවැසුවා.
මෙම විහාරස්ථානවල තොරතුරු කඩිනමින් ලබාගැනීමෙන් අනතුරුව විහාරස්ථානවල කටයුතු සංවර්ධනය කිරීමටත්, ඒවාට නිසිපරිදි දානය ලැබෙන ආකාරයෙන් ක්‍රමවේදයක් සැකසීමටත් පියවරගන්නා බව බුවනෙක හේරත් කීය. ඒ සඳහා දානපතීන්ගේ සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 03, පෙ.ව. 12:05
03-12-24
03-12-24
03-12-24
03-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
02-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24
01-12-24