hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 ජූලි 31, පෙ.ව. 12:08



දැහැමි උඩුගම කියලා කියන්නේ, නාමල් උඩුගම සහ රුවන්ති මංගලා කලා තරු දෙපළගේ ආදරණීය දියණියයි.

ඉතිං දැහැමි පසුගිය 26 වැනිදා විවාහ දිවියට පිවිසෙමින් සිය ජීවිතයේ ලස්සන නව පරිච්ඡේදයක් ආරම්භ කළා.

ඇගේ අතගත් වාසනාවන්තයා වුණේ, ශනාල්.

එම අවස්ථාවට කලාකරුවන් මෙන් දේශපාලනඥයන් ද එක්ව සිටියා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබුණා..

“ජනප්‍රිය ගායක නාමල් උඩුගම මහතාගේ සහ රුවන්ති මංගලා මහත්මියගේ දයාබර දියණියගේ විවාහ මංගල උත්සව අවස්ථාව සමග (26) එකතු වුණෙමි. මෙම අවස්ථාවට මගේ බිරිඳ ශිරන්ති සහ නාමල් ද සහභාගී වූහ. නව යුවළට සතුට සපිරි වාසනාවන්ත විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: