hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 06, පෙ.ව. 12:02



සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්‍රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා ඇතුළු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා.

එවැනි බෙදාදීම්වලට කොමිසමේ විරෝධයක් නැතත් ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක එවැනි බෙදාහැරීම් නිදහස් හා සාධාරණ ඡන්දයකට බාධා එල්ල විය හැකි හෙයින් ඒවා ඡන්දය අවසන් වනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ.

මේ අතර විවිධ පාර්ශ්වවලට විවිධ දීම නා ගෙවීමද මේ අවස්ථාවේදී කළ නොහැකි බව කොමිෂන් සභාව සඳහන් කළ අතර කොමිසම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව සභාපතිවරයා කියා සිටියා.

ඒ, අනුව පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණ ඔප්පු ගෙවීම ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට පෙරේදා 3 ලිපියක් යවා ඇති බවයි වාර්තා වන්නේ.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: