hit counter

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 09, පෙ.ව. 12:02



මෙම වසරේ ගතවූ මාස 7 යි දින 7 ක් තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 33,518 දෙනකු වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු මරණ 14 ක් ද වාර්තා වී තිබෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 8024 කි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් 3684 ක්ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 1836 ක්ද, යාපනයෙන් 4034 ක්ද, මහනුවරින් 2800 ක්ද, කුරුණෑගලින් 1433 ක්ද, පුත්තලමෙන් 860 ක්ද, ගාල්ලෙන් 1494 ක්ද, කෑගල්ලෙන් 1356 ක් ද, රත්නපුරයෙන් 2076 ක්ද ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: