hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 10, පෙ.ව. 12:06



අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස (11) වන ඉරිදා පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12ක කාලයක් ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශවලට සහ කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: