2024 අගෝස්තු 15, පෙ.ව. 12:05
2021 Mr. Global තරඟාවලියේ Best National Costume ටයිටල් එක ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට සමත් වූ ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘හදවතේ කතාව’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගනයට ද පිවිසියේය.
අළුපාට දේදුණු ටෙලි නිර්මාණයේ ජීවකගේ භූමිකාවෙන් මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින ඔහුට කඩවසම් රුවක් මෙන්ම ඉන්දීය සිනමාවට නෑකම් කියන නමක් යොදා තිබීම ද සුවිශේෂීය.
ඔහු අභිෂේක් ප්‍රමුදිතය.
අභිෂේක් කියන්නෙ හැකියාවන් රැසකින් පිරිපුන් තරුණයෙක් කිව්වොත්?
රංගනයට වගේම පොඩි කාලේ ඉඳන්ම ගායනයටත් ලොකු ආසාවක් තිබුණා. ඒත් සංගීතය කියන්නෙත් පුළුල් විෂයයක්. ඒ නිසා මම ගායනය වගේම ගිටාර් වාදනය පිළිබඳවත් මේ දිනවල හැදෑරීම් සහ අභ්‍යාස කරමින් ඉන්නවා. ඉදිරියේ දී ඒකත් මට අලුත් පියවරක් තියන්න උදවු වේවි. ඒ හැරුණම ව්‍යාපාර පැත්තටත් මගේ උනන්දුවක් තියෙනවා. ඒ ගැනත් අධ්‍යයනයක් කරමින් යනවා.
අභිෂේක් වගේ කඩවසම් තරුණයෙකුට ආදර ඇරයුම්වලින් අඩුවක් නැතුව ඇති. මේ වෙද්දි ආදරවන්තයෙක් ද කියල ඇහුවොත්?
ආදරේ ගැන අමතක කරන්න බැරි පරිච්ඡේදයක් මටත් තියෙනවා. ඒත් මේ වෙද්දි මං මගේ ඉලක්ක වෙනුවෙන් වැඩි ඉඩක් දීල තියෙනවා. මේ නිදහසට මං ගොඩක් කැමැතියි. මේ මොහොතෙත් මට ආදරය කරන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මම එහෙම තැනක නැවතිලා නෑ කියන එක මට කියන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට බලමුකෝ.
අභිෂේක්ට ආදරය කරන ගොඩක් දෙනා ඉන්නවා. ඔවුන්ට කියන්නත් යමක් ඇති?
ප්‍රේක්ෂකයෝ කියන්නෙ කලාකරුවෙක්ට තියෙන ලොකුම සම්පත. මම තවම නවකයෙක්. නිර්මාණ එක්ක ජනගත වෙමින් ඉන්න කෙනෙක්. එනිසා මේ මොහොතේ මම වුණත් ප්‍රේක්ෂකයාගේ තැන ඉඳන් ලංකාවේ නිර්මාණ, නිර්මාණකරුවන් අධ්‍යයනය කරනවා. රසවිඳිනවා. මම අනාගතය සුබවාදීව සැලසුම් කරන්නෙ එහෙමයි. රංගන ශිල්පියෙක් විදිහට මම මං ගැන තෘප්තිමත් වෙනකල් අඛණ්ඩව මහන්සි වෙනවා. ඒක තමයි මේ මොහොතේ මගේ අනාගත සැලැස්ම.
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24