2024 අගෝස්‍තු 16, ප.ව. 1:53
වැල්ලවාය කොටවෙහෙරගලයාය පදිංචි පහළොස් හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඊයේ (15) සිට අතුරුදන්වී ඇතැයි වැල්ලවාය පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.
වැල්ලවාය ප්‍රදේශයේ ජාතික පාසලක දහවැනි වසරේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා ඉකුත් (14) වෙනිදා සවස ඇයගේ නිවසට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුදින උදෑසන බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැති බවයි අදාල නිවසේ හිමිකාරිය පවසා ඇත්තේ.
නිවසේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර තිබේ.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2026 මැයි 03, පෙ.ව. 12:27
2026 මැයි 03, පෙ.ව. 12:23
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:13
2026 මැයි 03, පෙ.ව. 12:12
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26