2024 අගෝස්තු 20, පෙ.ව. 12:05
ඩිජිටල් තිරවලට අධ්‍යාපනික නොවන කටයුතු සඳහා දිනකට පැය දෙකකට වඩා වැඩි කාලයක් දරුවන් නිරාවරණය වීම වර්තමානයේ පාසල් දරුවන් මුහුණ, දෙන බරපතළ සෞඛ්‍ය, සමාජයීය ගැටලුවක් බව පර්යේෂණයකදී හෙළිවී තිබේ.
මේ හේතුවෙන් දරුවන් මානසික ආබාධ, නින්ද ආශ්රිත ගැටලු, දෘෂ්ඨි ආබාධ සහ බෙල්ල ආශ්රිත මාංශ පේශී වේදනාව වැනි තත්ත්වයන්ට ලක්වන බව ත් ඒ නිසා මේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට බාධා ඇති වන අතර ඔවුන් පවත්වන සමාජ සබඳතාවලට බාධා ඇති වන බව ත් මේ අධ්‍යයනයේදී තවදුරට ත් හෙළිවී ඇත.
මෙහිදී පර්යේෂකයන් වැඩිදුරට ත් අවධාරණය කරන්නේ, මව්පියන් මේ පිළිබඳව දැනුවත්වීම මගින් දරුවන් මෙම තත්ත්වයන්ගෙන් මුදා ගැනීමට පහසු වනු ඇති බව ය.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ, රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවියන් කණ්ඩායමක් විසිනි.
ගාල්ල ලයිට් හවුස් හෝටලයේදී පසුගිය 14 වන දා පැවති, පාසල් වියේ දරුවන් සහ තරුණ තරුණියන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු පිළිබඳව රුහුණ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් විසින් සිදු කරන ලද පර්යේෂණ රැසක සොයා ගැනීම් එළිදැක්වීමේ වැඩමුළුවකදී මෙම කරුණු අනාවරණය විය.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි මහතාගේ මඟ පෙන්වීම මත මෙම පර්යේෂණය සිදු කර තිබිණි.
මෙසේ එළිදක්වන ලද්දේ, රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් විසින් තරුණ ගැටලු පිළිබඳ සිදු කරන ලද පර්යේෂණ 10කි.
නව යොවුන් වියේ ගැහැනු දරුවන්ගේ ඔසප් වීම සම්බන්ධ සාධක, තරුණ දරුවන් ජංගම දුරකතන සහ පරිගණක ඇතුළු ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීම, තරුණ තරුණියන් සෞඛ්යාරක්ෂිත නොවන ආහාරවලට ඇබ්බැහි වීම, පාසල් සිසුවියන්ගේ හිසෙහි උකුණන් බෝවීම, පාසල් දරුවන්ට සිදුවන ලිංගික හිංසන සහ දරුවන් ශාරීරික ව්‍යායාමවලට යොමුවීමේ ප්‍රවණතාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම පර්යේෂණ සිදු කර තිබිණි.
ගැහැනු දරුවන්ගේ ඔසප් වීම ආශ්රිත සාධක සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණයේදී තවදුරට ත් හෙළිවී ඇත්තේ, යොවුන් වියේ දැරියන්ගේ ඔසප් වීම සම්බන්ධ දැනුම ඉතා ම අවම මට්ටමක පවතින බව ය.
ඔසප් සමයේදී ස්නානය නොකිරීම, වේදනා නාශක නොගෙන වේදනාව දරාගෙන සිටිය යුතු වීම ඇතුළු ඔසප් ක්‍රියාවලිය සම්බන්ධ මිථ්‍යා මත විශ්වාස කිරීම ද දැරියන් අතර බහුලව දක්නට ලැබුණු බව ද මෙහිදී හෙළිවී තිබිණි.
සනීපාරක්ෂක තුවා නිසි ලෙස බැහැර කිරීම සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ද ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් පරිදි ඇති කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.
තවදුරට ත් මෙම පර්යේෂකයන් ප්‍රකාශ කර සිටියේ, සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ගේ දැඩි අවධානය මෙම ගැටලු විසඳීම කෙරෙහි යොමු විය යුතු බව ය.
යුනිසෙෆ් ආයතනයේ සහයෝගීත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් ද දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා ඇතුළු පළාත් සෞඛ්‍ය බලධාරීන් ද, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ නිලධාරීන් ද රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:05
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24