2024 අගෝස්තු 25, පෙ.ව. 12:03
අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 8වනදායි.
ඝාතන සිද්ධියෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා හා ඝාතනය මෙරට සිට මෙහෙය වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකිවූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ද ඉල්ලා තිබුණා.
එවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ත්‍රස්ත මර්දන කොට්ඨාසය ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට පත් පිරිස අතර ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවකු වන අජිත් රෝහණ නොහොත් චණ්ඩි නමැත්තාද සිටින බවයි.
31 හැවිරිදි ඔහු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හිටපු යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු 14 වන සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කර ඇති අතර මීට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙක් බව පොලිසිය පවසනවා.
මේ අතර වෙඩික්කරුවන්ට අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගත් සහ වෙඩික්කරුවන් බස් රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා බව පැවසෙන 29 හැවිරිදි වරුණ ඉන්දිකද සිල්වා හෙවත් සංඛ නමැති සැකකරු ද ඊයේ අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම අදාළ සැකකරුවන් දෙදෙනාට දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නවාතැන් පහසුකම් ලබාදුන් 40 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් ඉම්රාන් නමැත්තෙක්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටී 56 ජීව උණ්ඩ 165ක්, මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 77ක්, විවිධ වර්ගයේ උණ්ඩ 17ක්, පොයින්ට් 38 වර්ගයේ උණ්ඩ 8ක්, බෝර 12 වර්ගයේ පතොරම් 4ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති අතර ටී – 56 වර්ගයේ ගිනි අවියක්, ෂොට්ගන් එකක්, පිස්තෝල මැගසින් 1ක්, 9MM පතොරම් ගැබ් එකක්, අත් විලංගු 1ක්, සයිනඩ් කරල් 2ක් හා ජංගම දුරකථන 03ක් ද සොයාගත් බව පොලිසිය පවසනවා.
ක්ලබ් වසන්ත ඝාතනය කළ ස්ථානයේ තිබී සොයාගත් KPI ලෙස සඳහන් උණ්ඩවලට සමාන KPI ලෙස සඳහන් කළ ජීව උණ්ඩ 12ක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බව පොලිසිය සදහන් කළා.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24