2024 සැප්‍තැම්‍බර් 27, ප.ව. 1:46
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් යෝජනා කරන විජයග්‍රහණයේ සැලැස්ම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කරනු ලැබුණා. කෙසේ වෙතත් ඇමරිකානු බලධාරීන් මෙම සැලැස්ම ගැන එතරම් පැහැදීමකින් නොමැති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කළේ.
සෙලෙන්ස්කිගේ සැලැස්ම තුළ ඇමරිකානු අවි භාවිතයෙන් රුසියාව අභ්‍යන්තරය වෙත පහරදීමට අවසර ලබාගැනීම හැරුණ කළ වැදගත් සාධනීය කරුණු නොමැති බව ඔවුන් ගේ මතය වී තිබෙනවා.
තමන් විශ්‍රාම ගැනීමට පෙර යුක්‍රේනයේ යුධ තත්ත්වය පිළිබඳ කිසියම් තීරණාත්මක පියවරක් ගැනීමේ අපේක්ෂාවෙන් සිටි බයිඩන් සෙලෙන්ස්කිගේ යෝජනා හේතුවෙන් බලාපොරොත්තු කඩවීමකට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.
සෙලෙන්ස්කි මීට පෙර සඳහන් කර තිබුණේ ආරක්ෂාව, ආර්ථිකය, භූ දේශපාලනිකව යුක්‍රේනයේ ස්ථානය සහ ස්ථිරසාර සාමයක් ඇතිකිරීම යන කරුණු පදනම්ව ඔහුගේ විජයග්‍රහණයේ සැලැස්ම සකස්වන බවයි.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24