2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 10:06
තමන් උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑව බව අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල සදහන් කළේය.
තමාගේ ධනය එම දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇති බවත් ඒවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට පවා තමාට සිතුණු බවද විරන්ජිත් තාඔුගල අධිකරණයේදී සදහන් කළේය.
හිටපු අමාත්‍යවරයෙක් කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කරදීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් ඔහුගේ අතට දෙන ලෙසට ටිරාන් අලස් ප්‍රකාශ කළ බවත් එයට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසිය තමන් සමග අමනාප වු බවද සදහන් කරයි.
නීති විරෝධී ලෙස වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඔුගල මේ බව සදහන් කරයි.
2025 මැයි 19, ප.ව. 6:03
2025 මැයි 19, ප.ව. 3:56
2025 මැයි 19, ප.ව. 3:25
2025 මැයි 19, ප.ව. 1:07
2025 මැයි 19, ප.ව. 12:57
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25