hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:04



රටවල් 35කට නිදහස් වීසා පිරිනැමීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකිවීමෙන් බව ඇමැති විජිත හේරත් පවසයි.

පසුගිය කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය දී තිබුණ ද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි.

දැනට පාර්ලිමේන්තු සැසිවාරය නොපවත්වන බැවින් විකල්ප සොයා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව විසඳුමක් ලැබෙන තුරු හෝ නව පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු ප්‍රමාදය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: