2024 ඔක්තෝබර් 06, ප.ව. 12:51
තම හමුදා විසින් දකුණුදිග ලෙබනනය ආක්රමණය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සාමාජිකයන් 440 ක් පමණ දෙනා සටන්බිමේ මියගොස් ඇතැයි ඊශ්රායලය පවසනවා.
ඊශ්රායල හමුදාව ප්රධාන දිශා දෙකකින් දකුණුදිග ලෙබනනය ආක්රමණය කරමින් සිටින අතර එහිදී ප්රබල ප්රතිරෝධයකට මුහුණ දෙමින් සිටින බව ද වාර්තා වනවා.
මේ අතර ඊශ්රායල ගුවන් හමුදා විසින් හිස්බුල්ලා අවි ගබඩා, උමං යනාදිය ඉලක්ක කරගෙන පහරදීම් සිදුකරනු ලබනවා.
හිස්බුල්ලා සංවිධානයේ ඊළඟ නායකයා වියහැකි යයි අනුමාන කරන ලද හශෙම් සෆියෙද්දීන් ඉලක්ක කරගෙන බ්රහස්පතින්දා රාත්රියේ එල්ල වූ ප්රහාරයෙන් ඔහු මියගොස් ඇතැයි ඊශ්රායලය විශ්වාස කරන බව ද වාර්තා වුණා.
සෆියෙද්දීන් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවයි ලෙබනනයෙන් වාර්තා වන්නේ. ඔහු සමග සන්නිවේදනය බිඳවැටී තිබෙන බව ලෙබනනය පවසනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16