hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:02



ඇය පවුලේ සතුටින් හැදී වැඩුන තරුණ දියණියක්.. ඒ විතරක් නෙවෙයි, අම්මාගේ තාත්තාගේ ආදරය නොඅඩුව ලබාගත් තැනැත්තියක්.. 

ඇගේ අක්කා මේ වෙනකොට බෙලරූස්වල අධ්‍යාපනය හදාරනවා.. ඒ විතරක් නෙවෙයි, අම්මා තාත්තා දෙන්නාම ඇය ගැන අවදානයෙන් පසුවුණා.. ඒත් මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දෙන්න දින ගණනකට මත්තෙන් මෙන්න මේ වගේ හැසිරීම් රටාවක් ඇය තුළ දැකගන්න පුළුවන් වෙලා..

“දුව හිටපු ගමන් පාසල් යන්න බැහැ කියනවා. ගිය සතියෙත් දවස් දෙකක් පාසල් ගියේ නැහැ. සමහර වෙලාවට මහන්සියි කියලා පාසල් යන්නේ නැහැ. සඳුදා උදේ 07.10 ට මම එයාව පාසල් ඇරලුවා. එදා අමතර පන්තියක් තියනවා කියලත් කීවා. මම එයාට හවස 05 ට දුරකතන ඇමතුමක් ගත්තත් ඒකට එයා කතා කළේ නැහැ.”

හැම මොහොතකම ඇය එක්ක ඉන්න බැරි වුණත්, නිතර දෙවේලේ ඇය ගැන සොයා බලන්න ඔවුන් දියණියට ජංගම දුරකතනයක් ලබාදී තිබුණා.. පාසල අවසන් වූ විගසම ඇයට ඇමතුමක් ලබාදීමට එදාත් ඔහු කටයුතු කරලා තිබුණා..

“අපි දුවට ෆෝන් එකක් දීලා තියෙනවා. එදා එයා මට මැසේජ් එකක් දැම්මා පාසල ඉවර වෙලා. ඒ අනුව මම දවල් 2 ට විතර පාසල ළඟට ගිහිං එයාට කෑම එකක් දුන්නා. කෑම එක ගන්න වෙලාවේ එයා ගේට්ටුව ළඟට ආවේ එයාගේ යාළුවෙක් එක්ක. ඉතිං මම දුවට කතා කරල කෑම එක දීලා ගෙදර ගියා.
හවස 04.55 ට මම ඉස්කෝලේ ළඟට ගිහිං දුවට කතා කරාම එයාගේ පෝන් එක ආන්ස්වර් කළේ පොලිිසියෙන්. පොලිසියේ මහත්තයා කීවා දුවට අනතුරක් වෙලා තියෙනවා වහාම නෙළුම් කුළුණට එන්න කියලා. ඊට පස්සෙ තමයි මම විස්තරේ දැනගත්තේ.”

ඉතින් මේ කියන විදිහට ඇය පාසලේ හුදෙකලා වෙලා හිටියාද..? ඇය මෙහෙම ගමනක් යන තුරු මිතුරු මිතුරියක් කිසිවෙකුට ඒ බව කිව්වේ නැද්ද..? මේකත් ඇත්තටම ලොකු ගැටලුවක්.. ඇය පාසලේදී ආහාර පවා ප්‍රතික්ෂේප කර තිබුණ බවත් පසුව මව්පියන්ට දැනගන්නට ලැබුණා..

“දුව හොඳට හිටියා. මානසික ආතතිය එයාට තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා ගිය අගෝස්තු වෙනකල් එයා මානසික ආතතියට බෙහෙත් බීවා. එයා හිටපු ගමන් ගොඩක් කලබල වෙලා එකපාරටම නිහඬ වෙනවා. පසුගිය ජුලි මාසයේදී කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් කුළුණෙන් පැනල සියදිවි නසාගත්ත ළමයි දෙන්නත් දුවගේ පන්තියේම හිටපු දරුවෝ. ඒ අය සියදිවි නසාගත්ත දවසේ ඉඳලා මගේ දුව සෑහෙන්න දුකින් හිටියේ. පාසලෙන් පවා කීවා මගේ දුව හොඳයි. ඒත් ඒ ළමයි දෙන්න සියදිවි නසාගත්තට පස්සේ එයා දුකින් ඉන්නේ කියලා. අපි එයාගේ අතට සල්ලි දෙන්නේ නැහැ. එයාට බැංකු ගිණුමක් තිබුණත් එයාට ඒ සල්ලි ගන්න බැහැ අවුරුදු 18 ට අඩු නිසා. එයාට ලොකුවට මුදල් අවශ්‍යතාවකුත් නැහැ. එයා අමතර පන්තිවලට යනවා සෙනසුරාදා ඉරිදා දවස්වල. ඒවටත් අපිම තමයි එක්කං යන්නෙයි එක්කන් එන්නෙයි. ඊට අමතරව ගෙදරත් පන්ති දෙකක් තියෙනවා. ඒවටත් සහභාගී වෙනවා. එයාගේ ජංගම දුරකතනය අපි විටින් විට පරීක්ෂා කරනවා.”

කොහොම වුණත් මේ කතාව අවසානයේදී ඇගේ පියා ලබාදුන් සාක්ෂිවල මෙන්න මේ වගේ කාරණයක් සටහන් වී තිබුණා.. ඒ රාධ්‍යාගේ පාසල ගැනයි.. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ඇය ඇත්තටම පාසල තුළදී පවා මානසික පීඩාවකට ලක්ව ඇති බව පැහැදිලි වෙනවා.. ඔහු මේ කියන්නේ අන්න ඒ ගැනයි..

“දුවගේ ඉස්කෝලේ නවක වධය ලොකුවට තියෙනවා. මේ ගැන ළමයින්ගෙන් ඇහුවත් එයාලා කියන්නේ නැහැ. නවක වධයට දෙන්නේ මොනවගේ වදයන්ද කියලා කියන්නේත් නැහැ. මේක මිශ්‍ර පාසලක්. මෙයාගේ මානසික තත්ත්වය ගැන මට කියන්න තියෙන්නේ එච්චරයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලම තමයි මේ දෙය කරගෙන තියෙන්නේ. නෙළුම් කුළුණට කොහොම ගියාද කියලා මම දන්නේ නැහැ…”

කොහොම වුණත් ඇගේ මේ මරණය පසුපස විශාල සිදුවීම ගොඩක් සැඟව ඇති බවට මේ කරුණුවලින් තොරතුරු අනාවරණය වෙනවා… මිතුරන් දෙදෙනාගේ වියෝව සේම ඇගේ මනසට වදදුන් අනිත් කාරණය ඇය පන්තියේ තනිවීමද..? රාධ්‍යාගේ මරණය ස්ම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව මෙම දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ..

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: