hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:03



කොළඹ නෙළුම් කුලුණෙන් පැන දිවි නසාගත් සිසුවිය, තමන් කෙදිනක හෝ සියදිවි හානිකර ගන්නා බවට දෙමාපියන්ට දන්වා ඇති බව විමර්ශණවලදී අනාවරණ වී තිබෙනවා.

දැරිය සිදු කළ එම ප්‍රකාශයත් සමග දෙමාපියන් විසින් ඇයව මනෝ වෛද්‍යවරුන් වෙත පවා යොමු කර උපදේශන ලබාගෙන ඇති බවටයි හෙලි වී ඇත්තේ. 

පසුගියදා සදුදා කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන ශේණියේ ඉගෙනුම ලැබූ රධ්‍යා ගුණසේකර නම් 15 හැවිරිදි දැරිය නෙළුම් කුලුණේ නැරඹුම් මැදිරියෙන් පැන මෙලෙස දිවි හානි කරගෙන තිබුණා.

ඇගේ පියා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ, සිය දියණිය පසුගිය ජුලි මස 02 වැනිදා කොළඹ අල්ටෙයාර් ගොඩනැඟිල්ලෙන් පැන දිවි නසාගත් සිසුවාගේ හා සිසුවියගේ හොඳම මිතුරිය බවටයි.

එමෙන්ම, ඔවුන් දෙදෙනා එදින පාසලෙන් පිටව යාමට පෙර සිය දියණියව කිහිප වරක් වැළඳගෙන සමුදී ඇති බවත්, ඔවුන් දිවි නසා ගැනීම හේතුවෙන් සිය දියණිය දැඩි මානසික පීඩනයකින් පසු වූ බවටත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

පොලිසිය පැවසුවේ, අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සිය මිතුරන් දෙදෙනා මිය යෑමෙන් පසු ඇය පන්තිය තුළ හුදෙකලාව සිට ඇති බවයි.

මේ හේතුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී තිබෙනවා.

එමෙන්ම, ඇය දිගින් දිගටම ආහාර ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති අතර, දිවා ආහාරය පාසලේ කසළ බඳුනට දැමීමට ඇය දිනපතා කටයුතු කර තිබුණේ සිය මිතුරන් දෙදෙනාගේ වියෝවෙන් පසුවයි.

දැරිය සිය නිවසේ සාමාජිකයින් සමඟ සබඳතා පවත්වා ඇත්තේ ද ඉතා අඩුවෙන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එවන් පසුබිමකයි ඇය විසින් තම මිතුරිය සියදිවි හානිකරගත් ආකාරයට තමන්ද සියදිවි නසාගන්නා බවට දෙමාපියන් වෙත ප්‍රකාශ කර ඇත්තේ.

දැරියගෙ මරණය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මිය ගිය දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: