2024 ඔක්තෝබර් 12, පෙ.ව. 12:09
ඇය කිසිදා ඔහු තේරුම් නොගත් භාර්යාවක්.. මොන තරම් සතුටෙන් සැමියාට පවුල් ජීවිතය ගෙවන්න ඕන වුණත් ඒකට බිරිඳගෙන් නම් කිසිම සහයක් ලැබුණේම නැති තරම්..
ඇයව සතුටු කරන්න හිතාගෙන ඔහු මොනවා කළත් අවසානයේ වෙන්නේම ඔහු කරදරේ වැටෙන එක.. මේත් අන්න එහෙම කතාවක්..
යුගදිවිය ප්‍රී්‍රතියෙන් ප්‍රමෝදයෙන් ගත කිරීමට ඒ සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වූ දේශකයා කියූ පිළිවෙත අනුව භාර්යාවගේ උපන් දිනය දා දීමට ගෙන ආ මල් කිනිත්තෙන් අකරතැබ්බකට පැටලුණු සැමියකු පිළිබඳ කතාවක් අහන්නට ලැබෙන්නේ දකුණු පළාතෙන්..
ඔහු නිරන්තරයෙන්ම කැමැති වූයේ ඇය සමග සතුටින් ගත කිරීමටයි. එහෙත් ඇය කිසිසේත්ම එයට අනුගත නොවුණා. සැමියා පිළිබඳව ඇය සෑම විටම සිටියේ තරහින්. රණ්ඩු සරුවල් කරගනිමින්. සරලම කිව්වොත් හොස්ස ළඟින් මැස්සා ගියත් ඇයට ඩෝං ගිය ගාණටයි…
වැඩිමනත් මේ අඬහැරය සැමියා සමගයි. සමහර දිනවල ඔහුත් සමග ඇති කරගන්නා රණ්ඩු නිසා වහලයේ සෙවිලි තහඩු සෙලවුණු අවස්ථා නැත්තේ ද නොවේ. මෙය ඔහුට මානසික වදයක් වුවත් ඉවසා සිටියේ බැඳගත්ත බෙරේ නොගහා වෙන කරන්න දෙයක් නොවුණු නිසාවෙන්. ඇත්තටම ඔහු ආශා කළේ තමන්ගේ යහළුවන් මෙන් හොඳ පවුල් දිවියක් ගත කිරීමටයි..
ඒ වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. භාර්යාවගේ කන්කරච්චලය හමුවේ එහෙමත් නැත්නම් බෙලිකටු මල්ල සෙලවීම හමුවේ ඒවා ගඟට කැපූ ඉනි මෙන් බවයි ඔහු පවසන්නේ. ඇය කන්න කැමැති කෑම ගෙනත් දුන්නේත්, අඳින්න පලඳින්න එක එක ජාතියේ ඇඳුම් පැලඳුම් ගෙනත් දුන්නේත් භාර්යාව ෂේප් එකේ තියාගන්නටයි. මේ ආකාරයට ඇයට කොයි තරම් බටර් ගෑවත් බටර් ටොන් පිටින් ගෑවත් ඇය නොවේ පොඩ්ඩක්වත් වෙනස් වුණේ.
ඔහු සේවය කළ ආයතනයේ සුභසාධක සංගමයෙන් අපූරු දේශනයක් සංවිධානය කොට තිබුණේ ඒ අස්සේයි. එහි තේමාව වී තිබුණේ ‘ගැටුම්වලින් තොර පවුල් ජීවිතයක්’ යන්නයි. ඔහුත් මේ වැඩසටහනට ගියේ කැමැත්තෙන්මයි. ඒ වගේම මහත් වූ ඕනෑකමෙන්. එහිදී දේශකයා සැමියකුට භාර්යාව ෂේප් කරගන්නා ක්‍රම කිහිපයක්ම කීවා. භාර්යාවකට සැමියා ෂේප් කරගන්නා හැටි ද කීවා.
දේශකයාගේ එක් ක්‍රමයක්, ඔහු අනුගමනය කරන්නට සිතා ගත්තේ ඉන් පසුවයි. එදා පස්වරුවේ නිවෙසට ගියේ ඊට අවශ්‍ය කරන දෑත් රැගෙන ගියේ හෙට අනිද්දා එන භාර්යාවගේ උපන් දිනය දා ක්‍රියාත්මක කිරීමටයි.
එය ඔහු අල්මාරියේ සඟවා තැබුවේ දිනය උදා වන තෙක් වුවත් හිතුවේ ඔහු හීනෙකින් වත් නොසිතන දෙයක්.පසු දා ඔහු සේවය නිම වී පෙර මග බලා සිට ඔහුගේ භාර්යාව ගෙට පය තබනවාත්ම, “කවුද ඕයි මේ නාකි මනමාලයාට මල් කිනිත්තක් දුන්නේ” යයි කියමින් ඔහුට තඩි බාන්නට වූවා. “දැන් ද තමුසෙට ගෑනු මල් දෙන්න පටන්ගත්තේ” යයි කියමින් ඇය දෙස්දෙවොල් තිබ්බේ ඔහුට වචනයක් කතා කරන්නවත් ඉඩක් නොතබමින්..“ළමයෝ ළමයෝ, මේ මල් කිනිත්ත ගෙනාවේ ඔයාගේ උපන්දිනයට දෙන්න. දීලා සුබ පතන්න” යයි ඔහු කීවා.
“මේ මොන බොරුවක් ද? තමුසේ වෙනදාටත් මට මගේ උපන්දිනයට මල් කිනිති දෙනවා ද?” ඇය බෙලි කටු මල්ල සෙලවූවා. ඔහුට සිදු වූ දේ නොවලහා කියන්නට වූයේ නැත්නම් නිවෙසේ සිටීමට බැරි නිසාලු.
2024 දෙසැම්බර් 29, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 28, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
30-12-24
30-12-24
30-12-24
30-12-24
29-12-24
29-12-24
29-12-24
29-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
28-12-24
27-12-24
27-12-24
27-12-24
27-12-24