hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:08



අනුර දිසානායක රාජ්‍ය පාලනය යටතේ ලොව දියුණු රටවල පවතින ආකාරයේ වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවීම සිය මූලික අරමුණක් වූ බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා නිලන්ති කොට්ටහච්චි පවසයි.

එමගින් රටේ පාලන තන්ත්‍රය ජනතා මුදල් අයථා ලෙස සිය රටේ හෝ වෙනත් රටවල ආයෝජනය කර ඇත්නම් භාවිත කරමින් ඇත්නම් ඒවා නැවත ලබා ගත හැකි බවයි, ඇය ප්‍රකාශ කළේ.

තමන් දේශපාලන වේදිකාවේ මෙම කරුණ පැහැදිලි කරමින් උගන්ඩාවේ ඇති මුදල් නැවත ගෙන ඒමට අවශ්‍ය නැද්දයි විමසන විටත් තෝමස් ඩිලාරෝ සමාගම නිත්‍යානුකූල ලෙස මුද්‍රණය කළ මුදල් උගන්ඩාවට ගෙන යෑම ගැන තමන් පූර්ණ අවබෝධයක සිටි බව ද නිලන්ති කොට්ටහච්චි අවධාරණය කරයි.

කෙසේ වුව ද මෙරට පෙර පැවැති ආණ්ඩුවල පිරිස් ජනතාවගේ මුදල් වත්කම් ඕනෑම රටක ආයෝජනය කර ඇත්නම් සඟවා ඇත්නම් ඒවා නිත්‍යානුකූල ලෙස අත්පත් කරගැනීමට දෙවරක් නොසිතන බව ද ඇය සඳහන් කරයි.

රාජපක්ෂලා උගන්ඩාවේ සැඟවූ මුදල් නැවත ගෙන ඒම පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නවලය පිළිතුරු ලබා දෙමින් නීතිඥ නිලන්ති කොට්ටහච්චි මේ බව කීවාය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: