hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:03



රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන වාහන යම් ස්ථානයක වංචා සහගතව හෝ නීති විරෝධි ලෙස හෝ කොටස් කර සඟවා ඇත්නම් සහ අබලන් විමට ඉඩහැර තිබෙන බවට, යම්කිසි තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව පැය 24 පුරාම ක්‍රියාත්මක 1997 යන විශේෂ දුරකථන අංකයට එම තොරතුරු තොරතුරු ලබා දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම තොරතුරු ලබාදෙන ඔබගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් සුරක්ෂිත කිරිමට කටයුතු කරන අතර ඔබගේ අනන්‍යතාවය ද පැවසීමට අවශ්‍ය නොවන බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් යම්කිසි අයෙකු අසත්‍ය තොරතුරක් ලබා දීමට කටයුතු කළහොත් ඒ පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කරන බව ද සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: