hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:02



4 හෝ 13 ක් අංක වලින් ආරම්භ වන දුරකථන ඇමතුමක් ලැබුණහොත් කිසිම තත්ත්වයක් යටතේ පිළිතුරු නොදෙන ලෙසත් ඒවාට පිළිතුරු දුන් වහාම දුරකථනය පුපුරා යනු ඇති බවටත් සමාජ ජාලවල පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව 
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ, අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් කලබල වීමේ කිසිදු වුවමනාවක් නැති බවයි.

“ඔබට 13 හෝ 4 න් ආරම්භ වන අංක වලින් ඇමතුමක් ලැබුනහොත් කිසිම තත්වයක් යටතේ පිළිතුරු නොදෙන්න. ඔබ ඇමතුමට පිළිතුරු දුන් වහාම ඔබගේ දුරකථනය පුපුරා යනු ඇත. මෙය දැනටමත් සිංගප්පූරුවේ සහ ඉන්දියාවේ සිදුවී ඇති අතර ඉන් බොහෝ දෙනෙක් මිය ගොස් ඇත. එය ශ්‍රී ලංකාවට ද බලපාන්නේ දැයි මට විශ්වාස නැත. කෙසේ වෙතත් අංක 13 හෝ 4 න් ආරම්භ වන ඇමතුම්වලට පිළිතුරු නොදෙන්න. මෙම පණිවිඩය සියලු දෙනා සමඟ බෙදා ගන්න” යයි අදාල වීඩියෝවෙන් උපදෙස් දෙයි.

නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ එම ඇමතුමෙන් පවසන ආකාරයට ජංගම දුරකථන පිපිරි යාමේ සිද්ධියක් මෙතෙක් කිසිදු තැනකින් වාර්තා වී නොමැති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ නිෂ්පාදන දෝෂයක් නිසා දුරකථනයක් පුපුරා යා හැකි වුවත් ලැබෙන ඇමතුමකින් එය එවැන්නක් සිදු නොවන බවත් මෙවැනි දුර්මත විශ්වාස නොකරන ලෙසත් සංසදය මහජනතාවට දන්වා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: