hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 29, ප.ව. 5:00



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලණුව කා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ගියහොත් රට නැවත බංකොලොත් වන බව හිටපු මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම මහතා පවසයි.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ප්‍රමාණවත් මුදල් මහාභාණ්ඩාගාරය සතුව නොමැති බව පෙන්වා දෙන දිළුම් අමුණුගම, හිටපු පාලකයින් රට ආර්ථික වශයෙන් වට්ටවා බලය ලබා ගැනීමේ ක්‍රියා මාර්ගයෙන් ඉවත් විය යුතු බව ද සඳහන් කරයි.

මෑතකදී රනිල් වික්‍රමසිංහ පැවසුවේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව තමන් මුදල් වෙන් කර තිබුණු බවත් එය ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්ය. ජනාධිපතිවරණයට පෙර අනුර දිසානායක ප්‍රකාශ කළේ රාජ්‍ය සේවක වැටුප් මාස හයෙන් හයට වැඩි කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: