hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2024 නොවැම්‍බර් 27, පෙ.ව. 12:01



උපකාරක පන්ති තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් තුළ බොහෝ වෙනස්කම් සිදුකළ යුතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව විධිමත් සාකච්ඡාවකින් පසුව විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකරන වෙනස්කම් රජය දැඩි අවධානයෙන් යුතුව කරන බවත්, කේෂ්ත්‍රයේ පුද්ගලයින් සමග සාකච්ඡා කර ස්ථීරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියේය.  

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: