hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 29, ප.ව. 12:13



ඉන්දියාව ඊයේ සබ්මැරීනයකින් දියත් කෙරෙන K-4 බැලිස්ටික් මිසයිලයේ අත්හදා බැලීම් සාර්ථක ලෙස සිදුකළ බව නිවේදනය කළා.

මෙම මිසයිලය මින් පෙර අත්හදා බලා තිබුණ ද මීට පෙර සබ්මැරීනයකින් දියත් කර තිබුණේ නැහැ. ඊයේ මෙම අත්හදා බැලීමේදී නොබෝදා සේවයට එක් වූ, න්‍යෂ්ටික බලයෙන් දිවෙන අරිගාට් සබ්මැරීනයෙන් මෙම මිසයිලය දියත් කෙරුණා.

න්‍යෂ්ටික යුධ හිසක් ගෙනයා හැකි K-4 මිසයිලයෙහි පරාසය කිලෝමීටර් 3500 ක් පමණ වන බවයි කියැවෙන්නේ. ඊයේ මෙම සම්පූර්ණ දුර පරාසයටම මිසයිල එක්ක කරමින් අත්හදා බැලීම සිදුකළ බවයි ඉන්දීය ආරංචිමාර්ග පවසන්නේ.

ඉන්දියාව මෙම මාසය තුළ දේශීයව නිපදවන ලද ආයුධ කිහිපයක් අත්හදා බැලුවා. ඒ අතර ගොඩබිම් ඉලක්ක වෙත පහරදෙන දිගු දුර කෲස් මිසයිලයක්, පිනාකා මල්ටි බැරල් රොකට් ලෝන්චරයෙහි අලුත්ම සංවර්ධනීය අවස්ථාව සහ හයිපර්සොනික් මිසයිලයක් ද වුණා.