2024 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04
නිලධාරින් පාවිච්චි කරන වාහනයට වඩා අඩු පහසුකම් ඇති වාහන ඇමැතිවරයා පාවිචිචි කරනවාට නිලධාරින්ගෙ කැමැත්තක් නෑ යයි කෘෂිකර්ම ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත.
“අපි අමාත්‍යාංශවල වැඩ බාර ගෙන අපිට වැඩ කරන්න වාහනයක් හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ වෙලා තියෙන්නෙ. අපිට වෙන් කරලා තියෙන මහ විශාල වාහන ඉන්ධන ලීටරයට කිලෝමීටර් දෙකයි තුනයි දුවන්න පුළුවන්.
අනෙක නිලධාරින් පාවිච්චි කරන වාහනයට වඩා අඩු පහසුකම් ඇති වාහන ඇමැතිවරයා පාවිචිචි කරනවාට නිලධාරින්ගෙ කැමැත්තක් නෑ. ඉදිරියේ කවදා හෝ දිනක එය ප්‍රශ්නයක් වෙයි කියල ඒ අය හිතනවා ඇති. ඒ නිසා තමයි අපිට ගැළපෙන වාහනයක් හොයා ගන්න බැරිව තිබෙන්නෙ.
කොහොම වුණත් දැන් තරමක් මගේ කැබ් එකට සමාන වාහනයක් මම හොයා ගෙන ඒක තමයි පාවිච්චි කරන්නෙ. මම ඇමැතිකම බාර ගෙනත් දින දෙක තුනක් පරණ කැබ් එකම අතින් තෙල් ගහගෙන පාවිචිචි කළා. අපි විශ්වාස කරනවා ජනතාවට නැති වරප්‍රසාද ඔවුන් ගේ නියෝජිතයන් වන මැති ඇමැතිවරුන්ට අවශ්‍ය නෑ කියල”
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26