hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 08, පෙ.ව. 1:46



සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය කඩාවැටෙන අවදානමකට පත්ව තිබෙනවා. දෙසැම්බර් 7 වනදා ඩමස්කස් අගනුවර ආසන්නයේ අසාද් ආණ්ඩුවට එරෙහිව ඇතිවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව බිඳවැටීමේ අවදානම වැඩිවී තිබෙනවා.

ඇතැම් වාර්තා පවසන්නේ සිරියානු හමුදා ඩමස්කස් ආසන්නයේ ප්‍රදේශයන් වෙතින් ද පසුබසිමින් සිටින බවයි.

දෙසැම්බර් 6 වනදා දකුණුදිග සිරියාවේ දරා සහ ඒ අවට ප්‍රදේශයන් හි ආණ් ඩු විරෝධී කණ්ඩායම් නැගී සිටි අතර දෙසැම්බර් 7 වනවිට ඔවුන් දරා, අල් සුවයිදා සහ අල් කුනිත්‍රා ප්‍රාන්ත අල්ලාගත්තා. එදින සන්ධ්‍යාව වනවිට ඩමස්කස් නගරය අසළ ප්‍රදේශයන් හි ද විරෝධතා හටගෙන තිබුණා. ජරමානා ප්‍රදේශයේදී හිටපු ජනාධිපති හෆෙස් අල් අසාද්ගේ පිළිමයක් කඩාදැමීමට ද ජනතාව කටයුතු කළා.