2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:01
            
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු 11 වනදා විට එක්වර ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ඉතා සුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් ඉතිරි කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.
මානව සම්පත් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාරගේ අත්සනින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත 10 වන දින දක්වා අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ඒවා ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.
ඉවත්කර ඇති ආරක්ෂක නිලධාරීන් 116 දෙනා අතර ඉතාමත් වැදගත් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් ද සිටින බවත් එය ඉතාමත් බරපතළ කාරණයක් බවත් මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත්, එම සමූහ ඡායාරූපය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කරමින් හිටපු ජනාධිපතිවරයා විශේෂ සටහනක් තබමින් ඔවුන් කළ සේවාවට ස්තූතිය පුද කර තිබෙනවා.
උපුටා ගැනීම,
“වසර ගණනාවක් පුරා මාගේ සෙවනැල්ල සේ ඉතා ම සමීපව, ළෙංගතුව මෙන්ම විශ්වාසනීය ව තම රාජකාරි ඉටු කරමින් මගේ සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ආරක්ෂා කරදීම උදෙසා ඉමහත් කැපකිරීම් කළ ඔබ සැමට මගේ හෘදයාංගම ස්තූතිය සහ ප්‍රණාමය ප්‍රකාශ කරමි. රාජ්‍ය සේවයට අවංක ඔබ වැනි විශිෂ්ට නිලධාරින්ගේ සේවය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය තව තවත් ඔප්නංවන බව මාගේ විශ්වාසයයි. ප්‍රභූ ආරක්ෂක රාජකාරිය තුළ ඔබ විසින් ඉටු කළ සේවය ගෞරවාන්විත හා විශිෂ්ට සේවයක් බව මා මේ මොහොතේ දී සිහිපත් කරමි. ඔබ සැම ඇතුළු පවුල්වල පිරිසගේ ද විශ්ෂයෙන්ම ඔබේ දුවා දරුවන්ගේ ද අනාගත කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමින්, මෙපමණ කාලයක් පුරාවට මා සමඟ සිටි මාගේ නිල දරුවන්ට නැවත වරක් ස්තූති වන්ත වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.”
උපුටා ගැනීම අවසන්
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25