hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:02



කතානායක අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

වගකිව යුතු විපක්ෂයක් ලෙස එම ජන මතය විශ්වාසභංගයක් ඔස්සේ පාර්ලිමේන්තුවට ගෙන ආ බවයි, ඔහු සඳහන් කළේ.

පසුගිය මහා මැතිවරණ සමයේ පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ශ්‍රමදානය පටන් ගත්තා යැයි ප්‍රකාශ කළ බවත් ඒ කටයුතු අවසන් කිරීමට සිදුවන්නේ තමන්ට බවත් රංජිත් මද්දුමබණ්ඩා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ දී කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: