2026 ජූනි 12, පෙ.ව. 11:25
ජාතික ජන බලවේගය දිගටම බලයේ සිටීමේ අධිෂ්ඨානයක සිට කටයුතු කරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
“අපි අධිෂ්ඨානයක ඉන්නවා අපි දිගටම බලයේ ඉන්නවා කියලා. දැන් අපි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා, ඇමතිවරුන්ට නිල නිවාස අහෝසි කළා, පාර්ලිමේන්තුවේ 125ට කාපු එක 2000 කළා. ඉස්සර රුපියල් 125ට දවසම කෙළිනවා. ඒකෙ නරකක් තියෙනවා ඉතින්, ඒක පේන්නෙ ඔය නිමල් සිරිපාල වගේ ඇමති කෙනෙක් දිහා බැලුවාම.
අපි එනකොට පොහොර සහනාධාරයක් තිබ්බා හෙක්ටයාර් දෙකකට රුපියල් 30000 යි. දැන් අපි දෙනවා 60000ක්. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි ලු. වැඩියි තමයි. මේ ලෝක තත්වයන් එක්ක ඒවා වැඩිවෙනවා. අර තිස්දාහ හැටදාහ කරපු එක පේන්නෙ නෑ. පේන්නෙ මොකක්ද ? මේ යුද්ධය අස්සෙ පොහොර මිල වැඩි වෙච්ච එක.”
ඇමති කේ. ඩී. ලාල්කාන්ත මේ බව පැවසුවේ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසකට නව පත්වීම් ලබාදීම වෙනුවෙන් පෙරේදා (10) පැවති උත්සවයක් අමතමිනි.
2026 ඔක්තෝබර් 29, ප.ව. 4:16
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:28
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:08
2026 ඔක්තෝබර් 29, ප.ව. 2:42
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:46
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26