hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04



අත්‍යවශ්‍ය භාණ්ඩ රැසකට ඉදිරියේදී උපරිම සල්ලර මිලක් පැනවීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, දැඩි සූරා කෑමකට ලක්වන පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ අරමුණන්.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරමින් සිටින බව සඳහන්. ඉතා කඩිනමින් එම මිල ගණන් ජනතාවට දැනුම්දීමට නියමිතයි.

ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන, පානීය ජල බෝතල්, දේශීය නිෂ්පාදන ලුණු, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන පරිප්පු, ලොකු ලූණු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක්, රයිස්, කොත්තු ඇතුළු ආපනශාලා නිෂ්පාදන රැසක් මෙම උපරිම සිල්ලර මිලට යටත් කිරීමට යෝජිත භාණ්ඩ අතර වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: