hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:09



ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් ගනු ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.

ඒ, ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී ගයන්ත කරුණාතිලක කියා සිටියේ, ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: