2025 ජනවාරි 11, පෙ.ව. 12:04
හිටපු ආණ්ඩුකාර සහ ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර බෝගහපැළැස්ස රක්ෂිතයෙන් අක්කර 18ක ඉඩමක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා චෝදනා කරයි.
“දැන් මේ ඉඩම් කවුද අරගෙන තියෙන්නෙ? කේ. ටී. රංජිත්. හොයාගෙන ගියාම මේකෙ තියෙනවා හැඳුනුම්පත් අංකයක්. ඒ හැඳුනුම්පත් අංකයෙන් හොයාගන්න පුළුවන්නෙ මේ කීර්ති තෙන්නකෝන්ද කියලා. අපට හම්බවෙනවා මෙයාගෙ ඉල්ලුම් පත්‍රයේ දාලා තියෙන හැඳුනුම්පත් අංකය තමයි මේ උඩින් තියෙන්නෙ, මේකෙ අංක 13ක් තියෙනවා. අර සිරිලිය වගේ තමා මේවාත්.
එයාගෙ ඇත්ත හැඳුනුම්පත් අංකය අපි හොයාගත්තා, මේ යටින් තියෙන්නෙ ඒක. බලනකොට උඩ එකේ බිංදුවක් වැඩියි. බිංදුව අයින් කරලා ගත්තාම කීර්ති තෙන්නකෝන්ගෙ තමයි හැඳුනුම්පත් අංකය. අන්න එයා තමයි කේ. ටී. රංජිත් කියන ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරලා තියෙන්නෙ. හිටපු ආණ්ඩුකාරවරයා, ජනාධිපති ලේකම්වරයෙක්.
මෙයා මේකෙ අරන් තියෙනවා අක්කර 18ක් තියෙනවා ඉඩම. මඩෙන් පහයි, ගොඩින් දහතුනයි. දැන් මේකෙ තියෙනවා වංචාවක්. කීර්ති තෙන්නකෝන්ගෙ අත්සන ව්‍යාජයි. කීර්ති තෙන්නකෝන්ගෙ ඇත්ත අත්සන මේ තියෙන්නෙ, මේ තියෙන්නෙ තමන් ඉඩම් ඉල්ලන්නෙ නෑ කියන්න ව්‍යාජව ගහපු අත්සන. දැන් මේ කීර්ති තෙන්නකෝන්ට මෙතන ඉඩමක් තියෙනවා කියලා මම වීඩියෝ එක්කුත් පෙන්වන්නම්.”
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:18
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:15
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:12
22-12-25
22-12-25
13-12-25
13-12-25
10-12-25
10-12-25
25-10-25
25-10-25
11-10-25
11-10-25
17-09-25
17-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
18-07-25
18-07-25
28-06-25
28-06-25