hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 12, පෙ.ව. 12:02



ජනාධිපති ධුරය අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවතින දෙයක් බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියේදී ගෙන ඒමට නියමිත බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

නීති නිසියාකාරව ක්‍රියාත්මක කරන බවට තම රජය බලයට පැමිණීමට පෙර ජනතාවට ප්‍රකාශ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා පවසා සිටියේ ව්‍යවස්ථාව සඳහා ගෙන එන සංශෝධන සිදු කරන්නේ ඒ සඳහා බවයි.නීති නිසියාකාරව ක්‍රියාත්මක කරන බවට තම රජය බලයට පැමිණීමට පෙර ජනතාවට ප්‍රකාශ කළ බවත් ව්‍යවස්ථාව සඳහා ගෙන එන සංශෝධන සිදු කරන්නේ ඒ සඳහා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ එහිදී ප්‍රකාශ කළා.

වංචාකාරයන් සහ අපරාධකරුවන් බයෙන් කුපිත වී සිටින බවත් ඔවුන්ට තම රජය යටතේ සමාවක් නොලැබෙන බවද සමන්ත විද්‍යාරත්න මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: