2025 ජනවාරි 24, පෙ.ව. 12:18
ඩීසල් ඉන්ධන වලට භූමිතෙල් මිශ්‍ර කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ඉන්ධන බවුසරයක් සපුගස්කන්ද පොලිස් වසමේ මාබිම ප්‍රදේශයේ දී පසුගියදා (21) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
කිරිබත්ගොඩ පොලීසියට ලැබුන හදිසි තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
මෙහිදි ඩීසල් ඉන්ධනවලට භූමිතෙල් කලවම් කර ඇති බවට සැක කරන ඉන්ධන ලීටර් පන්දහසක් පමණ අඩංගු ස්විච් යතුරක් නැති ඉන්ධන බවුසරයක්, වතුර මෝටරයක්, ඉන්ධන කලවම් කිරීමට යොදාගත් බවට සැක කරන අඩි හතරක් දිග ප්ලාස්ටික් බටයක්,ප්ලග් කටවල් තුනක් සහිත අඩි අනූවක් පමණ දිගැති වයරයක්, ගිනි නිවීම සදහා යොදාගන්නා කුඩා ප්‍රමාණයේ සිලින්ඩරයක් ආදිය ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස කලවම් කරන ලද ඉන්ධන දිවයිනේ විවිධ ප්‍රදේශවල හදුනාගත් ස්ථානවලට බෙදාහැරීම සිදූකර ඇතැයි විශ්වාස කෙරේ.
ඉන්ධන බවුසරයෙන් ලබා ගත් ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද භූමිතෙල් සහ ඩීසල් ඉන්ධන ලබාගෙන ඇති ආකාරය පිළිබඳවද තොරතුරු ලබාගැනීමට නියමිතය.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26