hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2025 පෙබරවාරි 20, ප.ව. 2:22



පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ජාතික පුවත්පතක පල කර ඇති පුවතක් හේතුවෙන් මහජන නියෝජිතයෙක් වශයෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවද ඇය කියා සිටියාය.

තමන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පක්ෂයෙන් වාරණයක් පනවා ඇති බවට අදාළ පුවත්පත වාර්තාකර ඇත්තේ තමන්ගෙන් තහවුරු කර ගැනීමකින් තොරව බවද ඇය එහිදී පැවසීය.

එනිසා මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසද ඇය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.

ජනාධිපතිවරයා හෝ ටිල්වින් සිල්වා මහතා තමනට කිසිදු වාරණයක් පනවා නැති බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: