hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 20, ප.ව. 3:18



රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11 ක් යටතේ පවතින ආයතන වල සහ පළාත් සභා 5 ක පවතින පුරප්පාඩු 4,987 ක් අතුරින් පුරප්පාඩු 2,003 ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: