hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 පෙබරවාරි 22, පෙ.ව. 11:23



ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව විසුරුවා හරින ඕනෑම මොහොතක රට භාර ගැනීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පක්ෂ මුලස්ථානයේ පැවති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

” ආණ්ඩුවේ ඩෙඩ්ලයින් එක අවුරුදු 5යි කියලා මතක තියාගන්න. අපිට සන්නද්ධ හමුදාවල් නෑ අරගල කරලා, ගෙවල් ගිනි තියලා, මන්ත්‍රීවරුන් ඝාතනය කරලා ආණ්ඩු බලය ලබාගන්න. ඒ හින්දා අපි ප්‍රජාත්‍රන්තවාදීව යනවා. ජනාධිපතිතුමාට හිතෙනවා නම් මේ 159න් වැඩක් නෑ කියලා අවුරුදු දෙකහාමාරෙන් විසුරුවන්නත් පුලුවන්.

අපිට දැක්මක් තියෙනවා, වැඩපිළිවෙළක් තියෙනවා, සැලැස්මක් තියෙනවා, අපි වැඩ කරලා තියෙනවා, වැඩ පෙන්නලා තියෙනවා. ඒක නිසා ඕන වෙලාවක රට භාරගන්න සූදානම්. “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: