hit counter

2025 පෙබරවාරි මස 24 වන සඳුදා

2025 පෙබරවාරි 24, ප.ව. 2:06



ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුව, අපරාධකරුවන් විසින් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් සාමාජ මාධ්‍ය හරහා පණිවුඩ යැවීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (24) පැවති බිග් ෆෝකස් වැඩසටහනට අදහස් දක්වමිනි.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මෙම පුද්ගලයා හිටපු හමුදා සාමාජිකයෙකු බවට අපරාධකරුවන් විසින් හඳුනා ගැනීමෙන් පසුව “ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ?” යනුවෙන් ෆේස්බුක් හරහා පණිවුඩ යවා මෙම ඝාතනය සඳහා ඔහුව පොළඹවාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවය.

“පසුගිය එවායේ අත්දැකීම් මත අපිට ඉතා පැහැදිලිව පෙනියනවා මෙම ක්‍රියාවට සම්බන්ධ වෙන බහුතරයක් සන්නද්ධ හමුදාවේ නැතිනම් පොලීසියේ සාමාජිකයින්. ඔවුන් අත්අඩංගුවට ගැනීමට තමයි අද උදේ ආරක්ෂක ලේකම්වරයා කිව්වේ. හමුදා සේවයෙන් යම් කිසි කෙනෙක් නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වන්නේ නැතිව පලා යාමක් සිදු කරනවා නම් එ්ක වරදක්. ඔවුන්ව අත්අඩංගුවට ගැනීඹට නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා.” 

“පසුගිය දින වල ගණේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධිය ගත්තත්, ඔහු යුද හමුදාවෙන් ඉවත් වෙලා රැකියාවක් නොමැතිව ඉන්නකොට තමයි ඔහුව හරියට හඳුනාගෙන තමයි ඔහුව සම්බන්ධකර ගැනීම සඳහා අදාළ අපරාධකරුවන් උත්සාහ දරන්නේ. විශේෂයේම ඔහුව ෆේස් බුක් හරහා සම්බන්ධ කරගෙන සමයි මේ සඳහා සම්බන්ධකරගෙන තියෙන්නේ. ඔයාට වැඩක් නෑ නේද? ඔයා නිකන් නේද ඉන්නේ ? පොඩි වැඩක් කරමුද ? මොහුව ටිකෙන් ටික ටිකෙන් ටික පොළඹවලා මේ ක්‍රියාවට සම්බන්ධ කරගෙන තියෙන්නේ.” 

“යුද හමුදාවෙන් පැන ගිය සෙබලුන් පොලිස් නිලධාරීන් මේ සියලු දේනා ඉදිරියේ දී අපි සුපරික්ෂාකාරිය නිරීක්ෂණය කරලා ඔවුන්ව අත්අඩංගුවට ගන්නවා.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: