2025 පෙබරවාරි 27, පෙ.ව. 12:03
වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවා වසර 04 කට පසු අද තායිලන්තයේ සිට වාහන රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
වත්මන් රජය විසින් වාහන ආනයනය සදහා අනුමැතිය ලබාදීමත් සමග මෙලෙස වාහන රැගත් නෞකාවක් කොළඹ වරායට එන පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව මෝටර් රථවල දෙවන කාණ්ඩය අනිද්දා හම්බන්තොට වරායට පැමිණීමටද නියමිතව තිබෙනවා.
එහිදී වාහන 196ක් මෙරටට පැමිණීමට නියමිත බවයි වරාය ආරංචි මාර්ග සදහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී ජපානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් මෙලෙස වාහන ගෙන්වීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රෝද්‍රිගෝ මහතා පවසනවා.
ශ්‍රී ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ සදහන් කළේ, ඒ අනුව වාහන අලෙවිසැල්වල අලුත් වාහන මිලදී ගැනිම සදහා ලබන සදුදා සිට හැකියාව ඇති බවයි.
අලුත් වාහන රට තුළට පැමිණිමත් සමග වෙළදපොලේ පවතින පාවිච්චි කරන ලද වාහනවල මිල 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කළා.
ඒ අනුව අලුත් වාහනවල මිල ගණන් පහතින් ,
Toyota Lite Ace : රු. 7.45 mn
Toyota Wigo : රු. 9.15 mn
Toyota Lite Ace Van : රු.. 11.4 mn
Toyota Raize : රු.. 12.25 mn
Toyota Hilux (Single Cab) : රු.. 15.2 mn
Toyota Hiace : රු.. 19.95 mn
Toyota Coaster : රු.. 19.8 mn
Toyota Yaris Ativ : රු.. 18.5 mn
Toyota Rush : රු.. 17.95 mn
– Toyota Corolla : රු.. 28 mn
– Toyota Prius : රු. 28.9 mn
– Toyota RAV4: රු. 37.5 mn
– Toyota Camry : රු.. 44 mn
– Toyota Land Cruiser 250 : රු. 75 mn
– Toyota Alphard : රු. 73.9mn
– Toyota Fortuner : රු.. 61mn
– Toyota Land Cruiser 300 : රු. 118 mn
2025 පෙබරවාරි 27, පෙ.ව. 9:58
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:22
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:17
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:12
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25