hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2025 මාර්තු 05, ප.ව. 8:05



ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යන අයගේ ප්‍රධානත්වයෙන් පිළියෙල කෙරෙන සාම වැඩපිළිවෙල පිළිබඳ යෝජනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කිරීමේ සූදානමක් වේ යැයි වාර්තා වනවා.

ඒ සඳහා එම නායකයින් තිදෙනා ලබන සතියේ ධවල මන්දිරය වෙත සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වී තිබෙන්නේ.

සාම වැඩපිළිවෙලට පිවිසීමට ඇති කැමැත්ත ජනාධිපති සෙලෙන්ස්කි විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ බව තමන්ට ද දන්වා ඇතැයි ට්‍රම්ප් නිවේදනය කළා. ඒ පිළිබඳව සතුටු වන බවයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේ.