hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 07, ප.ව. 5:45



කිසිවෙකුගේ බලපෑමට ඉල්ලා අස්නොවන බව දිගින් දිගටම පැවසූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොන්සර්වටිව් පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස් වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි ඔහුගේ කැබිනට් මණ්ඩල සාමාජිකයන්ගෙන් මෙන්ම නීතිපතිවරයාගෙන් ද බලපෑම් එල්ල වී තිබුණා.

මොහුට බලපෑම් එල්ල වීමට හේතු වී ඇත්තේ ලොක් ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කළේ යැයි චෝදනා එල්ල වූ පක්ෂ සාමාජික ක්‍රිස් පින්චර්ට රජයේ ඉහළ තනතුරක් දීම වැනි හේතුවෙන්.