2025 මාර්තු 11, ප.ව. 10:04
යුක්‍රේනය සහ ඇමරිකාව අතර යුක්‍රේන – රුසියා යුද්ධය නැවැත්වීම පිළිබඳ සාකච්ඡා අද සෞදි අරාබියේදී ඇරඹුණා.
මීට යුක්‍රේන පාර්ශවයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අන්ද්‍රේයි යෙර්මාක්, විදේශ ඇමති අන්ද්‍රේයි සිබිහා සහ ආරක්ෂක ඇමති රස්තම් උමේරෆ් ඇතුළු පිරිසක් සහභාගී වන අතර ඇමරිකානු දූත කණ්ඩායමෙහි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් සිටිනවා.
සාකච්ඡා ඇරඹීමට ප්‍රථමයෙන් යෙර්මාක් සඳහන් කර තිබුණේ සටන් විරාමයක් ඇතිවීමට කවදාටත් වඩා ආසන්න තත්ත්වයක් පවතින බවයි. එහෙත් ඒ සඳහා යුක්‍රේනයට ආරක් ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍ය යැයි ඔහු පවසනවා.
පසුගිය පෙබරවාරි 28 වනදා ධවල මන් දිරයේදී ජනාධිපති සෙලෙන්ස්කි සමග ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුව යුක්‍රේනයට යුධ ආධාර සහ බුද්ධි තොරතුරු ලබාදීම නවතා දැමුවා. මේ අතර රුසියාවේ කුර්ස්ක් ඕබ්ලස්තය තුළ යුක්‍රේන හමුදා රුසියානු ප්‍රහාර හමුවේ පසුබසිමින් සිටිනවා.
2025 මාර්තු 12, පෙ.ව. 11:18
2025 මාර්තු 09, ප.ව. 11:58
2025 මාර්තු 09, ප.ව. 11:52
2025 මාර්තු 05, ප.ව. 8:05
2025 මාර්තු 04, ප.ව. 11:29