2025 මාර්තු 19, පෙ.ව. 12:23
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව සඳහන් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් පරිදි රනිල් වික්‍රමසිංහ මහතා 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබේ.
ඒ අනුව,
ප්‍රථම සංචාරය – 2023 මැයි 09 වනදා, ii වැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහා.
දෙවැනි සංචාරය – පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (lDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහා.
තෙවන සංචාරය – හවානා නුවර G 77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණීම.
එලෙස තෙවනවරට ලන්ඩන් නගරය ගොස් ඇත්තේ, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මහා බ්‍රිතාන්‍යයේ වුල්වන්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රධානය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහාය.
රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට සභාගිවූ දිනවලම වුල්වන්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ එම උත්සවය ද පැවති බැවින් ලැබුණු ආරාධනය මත හිටපු ජනාධිපතිවරයා ද එම උත්සවයට සහභාගීම සඳහා ලන්ඩන් නගරයට ගිය බව සඳහන් වේ.
මේ සංචාරවලදී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයින් රැසක් හමුවූ බවද සඳහන් වේ.
එසේම ජනපති බිරිඳ ලෙස මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඒ අතරතුරදී ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කෙරුණු රැස්වීම්, වැඩමුළු ආදියටද සහභාගී වී තිබේ.
නිව්යෝක් නුවර සිට පැමිණ දිවා කාලයෙන් පසුව ලන්ඩන් නගරයෙන් පිටවීමට කලින් සැලසුම් කර තිබුණද එදින පස්වරුවේ හමුවීම් කිහිපයක් පැවැති බැවින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීම පසුදා තෙක් කල් දමා තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීන්ගේ ලන්ඩන් සංචාරයක් සඳහා ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැය වූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රජයේ වියදමින් ලන්ඩන් නුවරට 2023 වර්ෂයේදී කිසිදු පෞද්ගලික සංචාරයක නිරත වී නැති බවත් ඒ පිළිබඳව කරන සියලු ප්‍රකාශ සාවද්‍යය බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසා ඇත.
2025 මාර්තු 19, පෙ.ව. 12:35
2025 මාර්තු 19, පෙ.ව. 12:19
2025 මාර්තු 19, පෙ.ව. 12:12
2025 මාර්තු 19, පෙ.ව. 12:09
2025 මාර්තු 19, පෙ.ව. 12:07
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
19-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
18-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
17-03-25
16-03-25
16-03-25
16-03-25
16-03-25