hit counter

2026 පෙබරවාරි මස 17 වන අඟහරුවාදා

2025 මාර්තු 19, පෙ.ව. 12:12



පාර්ලිමේන්තුවේ අද අත උස්සන මන්ත්‍රීවරු පිරිසක් සිටින බවත් එය දැන් පැලවත්තේ මෑන් පවර් කොම්පැනියක් වැනි යැයි සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මේ වන විට JVP සහ NPP කළ රැවටිල්ල ජනතාව තේරුම අරන් සිටින අතර පළාත් පාලන මැතිවරණයේදී සමඟි ජන බලවේගයට රට පුර විශාල බලයක් ලැබෙන බව ද මහ ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ජනතාවට අවශ්‍ය වන්නේ නිදහසේ ජීවත් වීමේ පරිසරයක්, බඩු මිල අඩුකිරීම, ජීවන වියදම අඩු කිරීම, රටේ සංවර්ධනය වැනි කාරණා වුවද ආණ්ඩුව ඒ කිසි දෙයක් ගැන නොබලා අද වන විට කතා පෙට්ටියක් බවට පත්ව ඇති බව ද රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: