hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 21, පෙ.ව. 12:04



ඉම්තියාස් බාකීර් මාකාර් පක්ෂ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් යොමුකර තිබෙන නමුත් එම ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාර ගෙන නොමැති බව පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව, ඉම්තියාස් තවමත් සමගි ජන බලවේගයේ සභාපතිවරයා බව ද මද්දුම බණ්ඩාර කීය.

ඉම්තියාස් ගෞරවනීය දේශපාලඥයෙක් බව ත් ඔහු සමගි ජන බලවේගය තුළ සිටිය යුතු බව ත් මහලේකම්වරයා කීය.

ස.ජ.බ. පක්ෂ සහාපති ඉම්තියාස් බාකීර් මාකාර් සභාපතිකම සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව කියමින් ලිපියක් පක්ෂ නායකයා වෙත මාර්තු 18 ලබා දුන් අතර ඒ සම්බන්ධව පක්ෂයේ මතය ලෙස මහ ලේකම්වරයා මේ බව කීවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: