hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2025 මාර්තු 20, ප.ව. 8:39



කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නේ හදිසි මැතිවරණයක් කැඳවීමට සූදානම් වන බව වාර්තා වනවා. කැනඩාවේ ග්ලෝබ් ඇන්ඩ් මේල් පුවත්පත වාර්තා කළේ එළඹෙන ඉරිදා මේ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කෙරෙනු ඇති බවයි. එමෙන්ම අප්‍රේල් 28 වනදා මැතිවරණය පැවැත්වෙනු ඇති බව ද එම මාධ්‍ය වාර්තාව පෙන්වා දුන්නා.

නොබෝදා හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් පක් ෂයේ නායකත්වයෙන් ඉවත්වීමත් සමග නව ලිබරල් නායකයා ලෙස මාර්ක් කාර්නේ පත්වුණා. එතෙක් ලිබරල් පක්ෂය ජනමත සමීක්ෂණවල පහළින් සිටි නමුත් මේ වෙද්දී එය නැවත ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. එහෙයින් මේ අවස්ථාව මැතිවරණයක් සඳහා හොඳම අවස්ථාව ලෙස කාර්නේ විශ්වාස කරන බව පෙනී යනවා.

මැතිවරණයක් කැඳවනු ලැබුණහොත් දශකයක ලිබරල් පාලනය අභියෝගයට ලක් කිරීමට කොන්සර්වේටිව් පක් ෂයේ නායක පියේර් පොලියේව්ට අවස්ථාව ලැබෙනවා.